IMG-LOGO

ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී

(ශාන්ත චන්ද්‍රසිරි)
 
තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ලෙච්චුමන් භාරතිදාසන් මහතා අද (29) වැඩබාරගත්තේය.

 
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවට තේරී පත් වු ලෙච්චුමන් භාරතිදාසන් මහතා එහි උප  සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
 
මීට පෙර තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු  කරන ලද ඒ. අශෝක සේපාල මහතාගේ සභාපතිධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදු කර තිබේ.
 
හිටපු සභාපතිවරයා සිදු කරන ලදැයි පැවැසෙන වංචා දුෂණ චෝදනා අටක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වනතුරු හිටපු සභාපතිවරයා මෙසේ සභාපති තනතුරෙන් තාවකාලිකව දැනට ඉවත් කොට නව සභාපතිවරයෙකු පත් කර ඇත.
 
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 172 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 488 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site