
(ඉන්දික අරුණ කුමාර)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2021 අයවැය වාර්තාව අද (03) එකමතිකව සම්මත විය.
නාඋල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ ප්‍රථම වරට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත වු අයවැයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමීන් සභාපති වරයා කියා සිටියේය.
අද (03) නාඋල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමේ දී සභාපති සනත් දසනායක මහාත (ශ්‍රි ලං පො ජ පෙ) 2021 වසර සදහා වූ අය වැය සභාවට ඉදිරිපත් කරන ලදි.
සභාවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරැන්ගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවු අතර පිළිතුරු කතාවේ දී එජාප මන්ත්‍රිනී අචලා රාජකරුණා මහත්මිය කියා සිටියේ තමන් ගියවර අය වැය වාර්තාවට විරෝධය පලකල බවත්, ඒ හේතුවෙන් තමන්ට කිසිදු මුදල් ප්‍රතිපාදනයක් නොලැබුණුනාවුල බවත්ය.
ප්‍රදේශයේ මහජනතාවට තමන්ට සිදුකල යුතු සංවර් ධන කටයුතු වෙනුවෙන් අවස්ථාව නොලැබිම හේතුවෙන් මහජනතාව ගැනම සිතා තමන් මෙවර අයවැය සදහා කැමැත්ත ලබාදුන් බව ද ඇය කියා සිටියාය.
නාඋල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරැ නව දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් මන්ත්‍රිවරින් සිවි දෙනක් හා එක් මන්ත්‍රිවරයෙක් සිටියි.
ජනතා විමුක්ති පෙරමුණට එක් මන්‍ත්‍රි අසුනක් හිමි වුවද එම පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමත් සමග හිස් වු අසුන සදහා මෙතෙක් මන්ත්‍රිවරයෙක් එම පක්ෂය වෙනුවෙන් සහභාගී වි නොසිටියේය.
නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම සභාපති සනත් දසනායක මහාතගේ (ශ්‍රි ලං පො ජ පෙ) ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විනි.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාවුල ප්‍රාදේශිය සභාවේ අයවැය ඒකමතිකව සම්මතවෙයි