
( සිතුම් චතුරංග)
වවුනියාව , ඊච්චන්කුලම වැව් රක්ෂිත ප්‍රදේශයේ වළදමා තිබූ ටි. 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.
සඟවා තිබෙන ආයුධ තොගයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත වවුනියාව පොලිසිය සිදුකළ කැණීමකදී ගිනි අවිය හා පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පැය කිහිපයක් ඊච්චන්කුලම වැව් රක්ෂිතප්‍රදේශයේ සැකසහිත ස්ථානයේ සිදුකළ කැණීම්වලදී මෙම ගිනි අවි හා අත්බෝම්බ හමුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර විදේශරටක නිශ්පාදිත අත්බෝම්බ හයක් , ටි 56 ගිනි අවියක් හා එම ගිනි අවිය සඳහා යොදාගන්නා පතරොම් , මැගසීන් දෙකක් හා මැගසින් රඳවන දෙකක්ද සොයගත් බව පොලිසිය පැවසීය.
යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්නද්ධ බුද්ධි අංශ ප්‍රාදේශිය නායකයකුවූ ‘වයිති‘ නැමැත්තාට අයත්ව තිබියදී නැවත භාවිතාවට ගැනීමේ අරමුණින් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවූ බවද පැවසීය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවිය පොලිතින් මලු තුල ජලය කාන්දු නොවනසේ ඇසුරුම් කොට තිබූ අතර දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් ගිනි අවි හා අත්බෝම්බ දැඩිලෙස දිරාපත්ව තිබූ බවද කීය.
හමුවූ ගිනි අවිය සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයටතේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ආරක්ෂිත ප්‍රදේශයකදී නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.
වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. මානවඩු , රාජ්‍ය බුද්ධි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වව්නියාව ඊච්චන්කුලම වැව් රක්ෂිතයේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී