(එම්.ආර් ප්‍රියශාන්ත)
කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වු රඹුක්කන පින්නවල ඇගලුම් ආයතනය කොවිඩ් - 19 ප්‍රතිකාර රෝහලක් ලෙස ස්ථාපිත කර ඇති අතර එහි ආසාදිතයින් 230 ක් දැනට ප්‍රතිකාර ලබයි.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල පී.සී.ආර්. පරික්ෂණ මගින් තහවුරු වන කොවිඩ් - 19 ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම සදහා මෙම ඇගලුම් ආයතනයේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කෙරේ .
මේ අතර නොවැම්බර් 1 දින මාවනැල්ලේ වාර් තා වු ආසාදිතයින් 18 දෙනාත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින්ගේ ගණන 104 දක්වා වැඩිවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි .
මාවනැල්ල , හෙම්මාතගම , ගලිගමුව ,බුලත්කොහුපිටිය , ගලිගමුව සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද වෛද්‍යවරයා පැවසීය.
මේ වන දිස්ත්‍රික්කය පුරා පුද්ගලයින් 3501 ක් නිරෝධායනයට ලක් කර ඇති බවද වෛද්‍යවරයා පැවසීය.
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කොවිඩ් රෝගීන් 77 දෙනෙකු හා උදුගොඩ රෝහලේ ආසාදිතයින් 97 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා සදහන් කලේය.
කිතුල්ගල , වරකාපොල , බෙලිගල රෝහල් 3 ද හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරිම සදහා සුදානම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පින්නවල නිරෝධාන මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි