IMG-LOGO

කළුතර නාගොඩ රෝහලෙන් පලාගිය සැකසහිත ආසාදිත රෝගියා සොයාගනී

 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර නාගොඩ මහරෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකසහිත රෝගියා  අද (29)  මහ වස්කඩුව ප්‍රදේශයේදී  සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (28) මෙම පුද්ගලයා නාගොඩ මහ රෝහලේ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිට ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු 38 වන  එම පුද්ගලයා  අද පෙරවරු 7.30 ට පමණ නාගොඩ රෝහලින් පලාවිත් මතුගම සිට කලුතර දක්වා ධාවන වන බස් රථයකින්  කළුතර නගරයට පැමිණ ඉන් අනතුරුව ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථකින්  වාඩියමංකඩ ප්‍රදේශයට  පැමිණ නිවස කරා   කරා පාගමනින් යමින් සිටියදී  ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බව  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 අදාල සැක සහිත රෝගී පුද්ගලයා ගමන් ගත් බව කියන  බස් රථ දෙක  සොයා ගැනීම සඳහා  විමර්ශන සිදුකරන බව කළුතර උතුරු පොලිසියේ පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතා පැවසීය.

කළුතර උතුර  පොලීසිය රෝගියා නැවත රෝහල් ගත කිරීමට කටයුතු කළේය.

 



අදහස් (0)

කළුතර නාගොඩ රෝහලෙන් පලාගිය සැකසහිත ආසාදිත රෝගියා සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 172 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 486 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site