සබරගමුවේ බස් 1700 ධාවනය නවතී සබරගමු පළාතේ ග්‍රාමීය මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය ඉතා පහළ මට්ටමක පවතින බව සබරගමු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප්‍රියන්ත බටවල මහතා අද (10) පැවසීය. 10 November 2020
අතරමං වූ ඉන්දීය ධීවරයන් සිවුදෙනෙක් වඩමාරච්චි මුහුදු වෙරළට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයින් සිව්දෙනෙකු යාපනය, වඩමාරච්චි මාමුනෙයි මුහුදු වෙරළට ඊයේ (09) රාත්‍රියේ යාත්‍රාවක් සමග පාවෙමින් පැමිණි ඇති බවට නාවික හමුදාව පවසයි. 10 November 2020
යාපනය නයිනතිව් දූපතේ මුහුදු ජල මට්ටම ඉහළ යයි යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහළ යාමත් සමග ප්‍රධාන මාර්ගයන මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවට නයිනතිව් ප්‍රදේශවාසීහු පවසා සිටිති. 10 November 2020
හිටිහැටියේ බකමූණ ප්‍රදේශයට වන අලි ප්‍රහාරයක් වසර ගනනාවකට පසු බකමූණ ප්‍රදේශයට කඩා වැදුනු වන අලි රංචුවක් නිවාස හා වගා රැසකට හානි පමුණුවා ඇතැයි ප්රදේශවාසිහු කියා සිටිති. 10 November 2020
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි චන්ද 14කින් සම්මතයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මෙවර (2020-2021) අයවැය අද (10) පැවති චන්ද විමසීමේදී වැඩි චන්ද 14 කින් සභා සම්මත විය. 10 November 2020
වැලිකන්දේ ගෙවත්තක ජීව අත් බෝම්බ වැලිකන්ද,මහවැලිතැන්න,සිංහපුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්ත වළදමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් අද(10) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි. 10 November 2020
ඉන්දියාවට පන්නන්න හැදූ ප්‍රතිමා 3ක් සොයාගනී යාපනය වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පොකුණක සගවා තිබු ඉහළ වටිනාකමකින් යුතු මුරුගන් දේව ප්‍රතිමාවක්, මොණරුන්ගේ රුව සහිත ප්‍රතිමා දෙකක් ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි. 10 November 2020
ත්‍රිරෝද රථ අනතුරෙන් බිළිදියක් මියයයි බදුල්ල - මහියංගණය මාර්ගයේ මැඩිතලේ වංගුව අසලදි අද (9) සවස ත්‍රිරෝද රථයක් අඩි 40 ක පමණ ප්‍රපාතයට පෙරලී සිදුවූ අනතුරකින් මාසයක් වයසැති බිළිදියක් ජීවිතක්ෂයට පත්වී ඇගේ මව මිත්තිනිය හා 6 හැවිරිදි අයියා බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි 09 November 2020
මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටි මිය යයි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අද (9) ලිස්සා ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බව වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2020
සෝමාවතිය රක්ෂිතයේ දැව කපා ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට සෝමාවතිය ජාතික උද්‍යානය අසන්නයේ ඇති රක්ෂිතයක පුද්ගලයින් දෙදනෙකු විසින් විශාල ප්‍රමාණයේ තේක්ක ගස් කපා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි අද (09) මැදිරිගිරිය දියසෙන්පුර ඉළුක්පිටිය ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 09 November 2020
අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවක උද්ඝෝෂණයක් කප්පාදු කළ ආහාර සලාකය තමන්ට හා රෝගීන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලා අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවකයින් පිරිසක් අද (9) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ. 09 November 2020
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට කොටවෙහෙර ගිරිල්ල ප්‍රදේශයේ , උඩ ගිරිල්ල වැව් ඉස්මත්තේදී වල් අලි ප්‍රහාරයකට ලක්වූ මේසන් බාස් වරයෙකු (66)මරණයට පත්ව ඇති බව අද(09) පොලිසිය පැවසීය. 09 November 2020
අත්‍යවශ්‍ය වාහන හැර වතුකරයට පැමිණෙන වාහන ආපසු හරවා යවයි කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග බස්නාහිර පළාතට පනවා තිබු ඇදිරි නිතිය (09) දින සිට ඉවත් කිරිමෙන් පසු (ඒ 7) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයෙන් වතුකරයට පැමිණෙන අත්‍යවශය නොවන සියළුම සහ එම වාහනවල ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමට පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව (09) දින මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. 09 November 2020
නාන්න ගිය සිසුවෙක් දියේ ගිලී මරුට ගිංතොට ගිංගඟ මාවත වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අද (08) සවස දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 08 November 2020
නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට පොලිසියෙන් උදව් කොරෝනා වයිරස වසංගත තත්වය හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නිරෝධායනයට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ගේ පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සිදුකෙරිණි. 08 November 2020
කොරෝනා අස්සේ දකුණේ ජලාශවලට මාළු පැටව් මුදාහරිති දකුණු පළාත් ධීවර අමාත්‍යංශය ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතු ආශ්රිත ජලාශ සහ පොකුණුවල මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 08 November 2020
කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාගයක් කරන්දෙණිය දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා කොවිඩ් -19 රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ගාලු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් අද (7 ) පස්වරුවේදි කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාග කරන ලදී. 07 November 2020
බෙලිහුල්ඔය පිටාර ගලයි හෝර්ටන්තැන්න හා ලෝකාන්තය ඉහළ ප්‍රදේශවලට අද (07) සවස ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ බෙලිහුල්ඔය පිටාර ගලමින් තිබේ. 07 November 2020
විදුලි රැහැනක පැටලි පුද්ගලයෙකු මරුට බලන්ගොඩ තලංගම ප්‍රදේශයේ විදුලි රැහැනක පැටලි පුද්ගලයෙකු අද (07) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. කහවත්ත, වැල්අදුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 November 2020
වන අලි පහරින් දමන ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ දමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ආර්.ඇම්.රංජිත් බණ්ඩාර මහතාට අද (06) සවස වන අලියෙකු පහර දී ඇතැයිද, ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද දමන පොලීසිය පැවසීය. 06 November 2020
ටිපර් රථවල ගැටී යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මරුට ගලේවෙල-මාතලේ මාර්ගයේ හා දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ ස්ථාන දෙකකදී අද (06) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 06 November 2020
ඩී.ඒ.රාජපක්ෂ 53 වැනි ගුණ සමරුව තංගල්ලේදී හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණසමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ තංගල්ලේදී සිදු කෙරිණි. 06 November 2020
නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයකුගේ මළ සිරුරක් මහමග නීරෝධයනය අවසන් කර තම නිවස බලා යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් පුත්තලම ආනන්ද මාවතට හැරෙන ස්ථානයේ මහ මග තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි. 06 November 2020
පොලිසිය - යුද හමුදාව ජනතාව පෙළට තියති බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද පොලිසිය හා යුද හමුදාවේ සහයෝගයෙන් රජය විසින් දිලිදු පවුල් සදහා මාසිකව ලබා දෙන මහජන ආධාර මුදල් තැපැල් කාර්යාල මගින් ලබා දීම අද (05) කොළඹ දිස්ත්‍රික්කය තුල සිදුවිය. 05 November 2020
රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 4කට නාය යාමේ කහ නිවේදන වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි ප්‍රදේශිය ලේකම් කොටිඨාස හතරකට විමසිලිමත්විමේ කහ නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ සංවර්ධනය පවසයි. 05 November 2020
කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස හෙට 6 සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය 05 November 2020
බදුල්ලේ අධිකරණ කටයුතු 6 දා සිට බදුල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණ වල,කම්කරු විනිශ්චය සභාවේ, විවෘත අධිකරණ කටයුතු හෙට (6 වනදා සිට) සාමාන්‍ය පරිදි සිදුවන බව අධිකරණ ප්‍රකාශකයෙක් පැවසීය. 05 November 2020
බද්දේගම අධිකරණවල නඩු කටයුතු නවතයි රටතුළ පැතිරයන කොවිඩ් 19 වයිරසයේ අවදානම් තත්වය හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන් මෙම මස 15 වැනිදා දක්වා නඩුවලට පෙනීසිටීමෙන් වළකින බව බද්දේගම නීතිඥ සංගමයේ වැඩබලන සභාපති නීතිඥ වීරසිරි ඩයස් මහතා පැවසීය. 05 November 2020
නුවරඑළිය අධිකරණයේ නඩු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක් කොවිඩ් 19 වයිරසය ආසාදනය වු අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නුවරඑළිය අධිකරණ සංකීර්ණයට පැමිණීම නිසා නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු 16 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද (04) ඉල්ලීමක් කළ බව නුවරඑළිය නීතිඥය සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසීය. 04 November 2020
මාතලේ අධිකරණ කටයුතු නවතයි දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධිකරණ කටයුතු අද (04) සිට 09 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 04 November 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025