(ඩී.ජී.සුගතපාල)
ගිංතොට ගිංගඟ මාවත වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අද (08) සවස දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
ඔහු අද සවස තවත් පිරිසක් සමග මුහුදේ නෑමට ගොස් ඇති අතර එහිදි රළ පහරකට හසුව මුහුදේ ගසාගෙන ගොස් ඇත.
පසුව එහි සිටි පිරිස ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් රෝහලට ගෙන යනවිට ඔහු මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳ මරණ පරීක්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd