IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ බස් 1700 ධාවනය නවතී

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාතේ ග්‍රාමීය මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය ඉතා පහළ මට්ටමක පවතින බව සබරගමු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප්‍රියන්ත බටවල මහතා අද (10) පැවසීය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සබරගමු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ පාලනය යටතේ බස්රථ දහස බැගින් දෙදහසක් පමණ ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් 245ක් ධාවනය වූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ 90ක පමණ ධාවනය වූ බවද ඔහු කීවේය.

සබරගමු පළාත කේන්ද්‍රගත කරගෙන රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙන් දුරගමන් සේවා සහ අන්තර් පළාත් ගමන්වාර 300ක් පමණ ක්‍රියාත්මක වුවත්  එම අන්තර් පළාත් ගමන් සේවා 15ක් පමණක් ක්‍රියාත්මක වූ බවද සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත බටවල මහතා පැවසීය.

කෝවිඞ් 19 වෛරස් ආසාදිතයන් පැතිරයාම සහ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනට ලක් කිරිම හේතුවෙන් සාමාන්‍ය ජනතාව ගමන්බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකිරීම බස් රථවලට මගින් අඩු විමට හේතුවක් බව ද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ධාවනය වන බස් රථ ද සෞඛ්‍ය නීති අනුව මගීන් නංවාගෙන යනු ලබන බව කී දමිත් ප්‍රියන්ත බටවල මහතා ගාස්තුවල ගැටලුවක් නිසා නොව මගීන් ගමන්බිමන් නොයාම නිසා බස්රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවද සුදහන් කළේය.



අදහස් (0)

සබරගමුවේ බස් 1700 ධාවනය නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site