
(ප්‍රියාණි මංගලිකා )
කොරෝනා වයිරස වසංගත තත්වය හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ නිරෝධායනයට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ගේ පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා පොලීසේ නිරෝධායනයට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ පවුල් 46ක් වෙනුවෙන් මෙලෙස වියලි ආහාර පාර් සල් ඔවුන් ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් එම පවුල් වෙත ලබා දීම සිදු කෙරිණි.
මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල රාජකාරී කිරීමේදී, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිරෝධායනයට ලක්ව නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් වල නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 46 දෙනෙකු වෙනුවෙන් මෙම ආධාර ලබාදීම සිදුවිය.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කොට්ඨාසය මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නමලල ,කොට්ඨාස සොකෝ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර යන මහතුන් ඇතුළු ප්‍රජා පොලිස් ඒකක නිලධාරීන රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd