
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයින් සිව්දෙනෙකු යාපනය, වඩමාරච්චි මාමුනෙයි මුහුදු වෙරළට ඊයේ (09) රාත්‍රියේ යාත්‍රාවක් සමග පාවෙමින් පැමිණි ඇති බවට නාවික හමුදාව පවසයි.
අදාල ඉන්දීය ධීවරයින් මුහුදේ මසුන් අල්ලමින් සිටියදී ධීවර යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය කිරීමට නොහැකිව අතරමංව සිට මුහුදේ පාවෙමින් යාපනය මාමුනෙයි මුහුදු වෙරලට පාවී ඒමෙන් පසුව ඒ බව නාවික හමුදාවට දැනුම් දීමට පියවර ගත් බවට අනතුරට ලක් වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදාවට පවසා ඇත.
අදාල ඉන්දීය ධීවරයින්ගේ ප්‍රකාශයන්හි සත්‍යතාවය සොයා බැලීමට උතුරු නාවික විධානය විසින් පරික්ෂණයක් අරඹා ඇති අතරම එම ධීවරයින් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිරෝධායනය කරවීම සඳහා පොලීසියට භාරදීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd