
(පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අද (9) ලිස්සා ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බව වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මියගිය පුද්ගලයා මල්ලවපිටිය හෙට්ටියාවත්ත ප්‍රදේශයේ අයෙකි. ඔහුගේ දේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.
වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව වාර්තා වීමෙන් පසුව අද දිනයේ එහි නේවාසික වැඩිහිටියන් සමඟ කාර්ය මණ්ඩලය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු 38 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කළ බවද වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාරි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd