IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා අස්සේ දකුණේ ජලාශවලට මාළු පැටව් මුදාහරිති

(ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාත් ධීවර අමාත්‍යංශය ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතු  ආශ්‍රිත ජලාශ සහ පොකුණුවල මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
 
මේ යටතේ ගාල්ල නාකියාදෙනිය පිහිටි වටවල වතු සමාගමට අයත් වතුයායේ පිහිටි ජලාශ සහ පොකුණුවල  තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලන් 90,000ක්  මුදාහැරීමට කටයුතු කර තිබේ. මේ තුලින් මාස හතරකට පසුව මත්ස්‍ය අස්වැන්න කිලෝ 15,000ක් පමණ ලබා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.මේ සඳහා දකුණු පළාත් ධීවර අමාත්‍යංශය මගින් රුපියල් 250,000ක මුදලක් වැයකර ඇත.
 
වතු වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සමුපකාර සමිතිවල සහයෝගය ද ලබා ගැනිමට  නියමිතව ඇති බවද දකුණු පළාත් ධීවර අමාත්‍යංශය පවසයි.
 
මත්ස්‍ය පැටව් මුදාහරිනු ලැබූ අවස්ථාවට  ධීවර අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රසාංග සූරියාරච්චි, වැවිලි සම්පත් භාරයේ නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ චන්ද්‍රසේකර දේවරාජ, වටවල වැවිලි සමාගමේ කළමනාකරු නිලන්ත සෙනෙවිරත්න, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ශ්‍රියාන් චන්ද්‍රකීර්ති  යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (0)

කොරෝනා අස්සේ දකුණේ ජලාශවලට මාළු පැටව් මුදාහරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site