
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා කොවිඩ් -19 රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ගාලු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් අද (7 ) පස්වරුවේදි කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාග කරන ලදී.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන ගාලු දිස්ත්‍රික්කයේ විධායක නිලධාරීන් සිය පෞද්ගලික ධනය වැය කරමින් හා තමන් සමග සම්බන්ධතා ඇති ආයතන සම්බන්ධ කරගෙන මේ ද්‍රව්‍ය තොගය එකතු කොට තිබේ.
කරන්දෙණිය දිසා රෝහල කොවීඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමත් සමගම ස්වේච්ඡා සංවිධානයක් විසින් එම රෝහලේ ප්‍රතිකාර ගන්නා කොවීඩ්-19 රෝගීන් සඳහා පරිත්‍යාගයක් සිදු කළ පළමු අවස්ථාවද මෙය වේ.
මේ අවස්ථාවට ගාලු විධායක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් වන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න, කලුතර දිස්ත්‍රික් ආදායම් බදු කොමසාරිස් අජිත් ප්‍රියංක, ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරන්දෙණිය දිසා රෝහලට පරිත්‍යාගයක්