IMG-LOGO

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

                  

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය  ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස  හෙට 6 සිට යොදා ගන්නා බව  කළුතර  ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ  අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය 

                 

පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ  ඇඳන් 400 හා ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ ඇඳන් 200 කින් සමන්විත සියලුම පහසුකම් වලින් යුක්තව  ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර  ඇතැයි අධ්‍යක්ෂවරයා කීය 

                           

කළුතර නාගොඩ මහා   රෝහල  , බේරුවල ,දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල   වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය  එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා  කැඳවා ඇත 

                 

යුද හමුදාවෙන්  එහි පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සිදු කරනු ඇතැයි  වෛද්‍ය  අධ්‍යක්ෂකවරයා කීය  

                           

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ  ඉංගිරිය පිඹුර , බණ්ඩාරගම, මතුගම හා ඉත්තෑපාන  රෝහල්වල  කොරෝනා වෛරස ආසාදන රෝගීන් තුන් සියයක් පමණ දෙනා ප්‍රතිකාර ලබන අතර  කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින්  සියයට අධික ප්‍රමාණයක් මේ වන විටත්  ප්‍රතිකාර ලබමින් පසුවන බව  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය  



අදහස් (0)

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 14 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site