
(අනීෂා මානගේ)
බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ අද (03) රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මංගල්‍යයක දෙවැනි දින සාදය නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.
තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක රියැදුරකුට කොරෝනා ආසාධනය වී ඇතැයි අද හඳුනාගත් අතර එම හෝටලයේ ඊයේ දින පැවැත්වූ විවාහ මංගල්‍යයක දෙවැනි දින සාදය අද බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ නිවෙසක පැවැත්වීමට නියමිතව තිබිණි.
එම සාදයට පැමිණෙන ජනතාවට ඇතිවියහැකි අවධානම් තත්ත්වය හේතුවෙන් එය නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd