(එස්.ඩී. කොඩිකාර)
මෙතෙක් නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පැවති අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික විද්‍යාපීඨය ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ හේතුවෙන් එහි නිරෝධායනය වෙමින් සිටි 310 දෙනෙකු නිරෝධාන කාලය අවසන් කර නිවෙස් බලා පිටත් කර හැරීමට යුද හමුදාව අද (01) කටයුතු කර තිබුණි. එම පිරිසගේ පී.සී.ආර් .පරීක්ෂණ ඉකුත් (28) වන දින කළ අතර ඔවුන්ගෙන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව එම වාර්තා වලින් ඊයේ (31) තහවුරු වී ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් සදහා යැවීමට යුද හමුදාව ක්‍රියා කර තිබූ බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිල්වලා විද්‍යාපීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් බවට ඉකුත් (09) වන දින යුද හමුදාව පාලනය යටතේ පත් කර තිබූ අතර එහි රෝගීන් 500 කු සඳහා පහසුකම් සලසා තිබුණි. නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් එයින් පිටව යාමෙන් අනතුරුව හෙට (02) සිට සම්පූර්ණයෙන්ම එම මධ්‍යස්ථානය විසබීජහරණය කර දින 3 ට පසුව නැවත විසබීජහරණය කරන බව ද අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි