කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක සේවක සේවීකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
කොළඹ වරායේ යාත්‍රා අංගන පරිශ්‍රයේදී එම පිරිස සඳහා අද (3) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරුණි.
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වන අතර, රට පුරා උද්ගත වී ඇති වසංගත තත්ත්වය සලකා බලමින් වරායේ මෙහෙයුම් හා ඊට අදාළ සියලු සේවා සහ සම්බන්ධ වන සියලු අයගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට සෑම පියවරක්ම ගෙන ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරයි. එසේම සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි නිසි පරිදි ක්‍රියාවට නංවා ඇතැයි එම අධිකාරිය කියයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පී.සී.ආර්. පරීක්ෂණ කළ අවස්ථාවට එක්ව සිටියහ.
055
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ වරායේ සේවකයන් 200 කගෙන් පීසීආර් ගනී