IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාලිගාවත්ත ’ඇපල්වත්ත’ නිවාස සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරැඹෙයි

(විනීතා එම් ගමගේ)
 
මාළිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු අද (03) ආරම්භ විය.

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 700 කින් සමන්විතය.
 
අක්කර 12 ක භූමි භාගයක, රුපියල් මිිලියන 4000 ක මුදලක් වැය කරමින් ඉදිකෙරෙන මෙම මහල් නිවාස ඉදිරි දෙවසර ඇතුළත ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර එහි පළමු පියවර ලෙසින් නිවාස 472 කින් යුත් මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කර ඇත.
 
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5500 ක් සෑදීමේ වයාපෘතිය යටතේ ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියරෙහි ඉදිකිරීම් ආරම්භ විය.
 
නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.



අදහස් (0)

මාලිගාවත්ත ’ඇපල්වත්ත’ නිවාස සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site