
(විනීතා එම් ගමගේ)
මාළිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු අද (03) ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 700 කින් සමන්විතය.
අක්කර 12 ක භූමි භාගයක, රුපියල් මිිලියන 4000 ක මුදලක් වැය කරමින් ඉදිකෙරෙන මෙම මහල් නිවාස ඉදිරි දෙවසර ඇතුළත ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර එහි පළමු පියවර ලෙසින් නිවාස 472 කින් යුත් මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කර ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5500 ක් සෑදීමේ වයාපෘතිය යටතේ ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියරෙහි ඉදිකිරීම් ආරම්භ විය.
නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd