IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදුල්ල ලංගම ඩිපෝවේ 8 ක් ස්වයං නිරෝධායනයට

 

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

කෝවිඩ් 19 වයිරසය ආසාදිත වූ  කොළඹ ප්‍රදේශයේ පොලිස් නිළධාරියකු ඇසුරු කළ බව කියන ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සේවකයන් 8 දෙනකු අද(2)  දින ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කළ බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සේවය කරන පස්සර කොටමුදුන ප්‍රදේශයේ පදිංචි අයකුගේ නිවසකට පීසීආර් පරික්ෂණයට යොමු කර කොළඹ ප්‍රදේශයේ නිරෝධනයට ලක් කර සිටි  නෑදෑ පොලිස් නිළධාරියකු පැමිණ ඇති අතර ,පසුව එම පොලිස්  නිළධාරියා නිවසේ ගත කර යාමෙන් අනතුරුව ඔහුගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවත් එම වාර්තාවෙන් මොහුට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විනැයි එම නිලධාරීන් සදහන් කළේය .

ඒ අනුව එම පොලිස් නිළධාරියා රැදී සිටි ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සේවය කරන  පස්සර කොටමුදුන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සමඟ ඔහු රාජකාරියේ නිරතව සිටි අංශයේ ශ්‍රී ලංගම සේවකයන් පිරිසක් මෙසේ සිය නිවෙස් වල දින 14ක කාලයක් නිරෝධනයට ලක් කළ බවද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීහ .

මෙම නිරෝධනයට ලක් කල සේවක පිරිස ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ මුදල් බාරගන්නා සහ (ටිකට් ) ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර නිකුත් කරන  අංශ වල සේවය කරන බවත් ,  මොවුන්ගේ නිවෙස් වල සාමාජිකයන්ද සොයා බලා නිරෝධනයට ලක් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සෞඛ්‍ය බළධාරීන් සදහන් කර සිටියහ .

 



අදහස් (0)

බදුල්ල ලංගම ඩිපෝවේ 8 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site