IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයන්ට නැ’හිර පළාතේ රෝහල් 4ක්

(අමදෝරු අමරජීව)

කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර පළාතේ රෝහල් 4ක් පුහුණු කාර්ය මණ්ඩල සමග සූදානම් කළ බව  පළාත් සෞඛ්‍ය  අමාත්‍යාංශය කියයි.

පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශ  හතරම ආවරණය වන පරිදි එක් බල ප්‍රදේශයක රෝහල බැගින් ස්ථාපිත කර ඇතැයි  එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ  (සැලසුම්) ඒ.එස්.එම්. පායිස් මහතා පැවසීය.

මේ අනුව  ත්‍රිකුණාමල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයේ ඊච්චලම්පත්තු රෝහල,  මඩකලපුව  බල ප්‍රදේශයේ  කරදියනාරු රෝහල,  අම්පාර  බල ප්‍රදේශයේ  පදියතලාව රෝහල  හා කල්මුණේ  බල ප්‍රදේශයේ  පාලමුණේ රෝහල  මෙලෙස සුදානම් කර තිබේ.

ඉන් කරදියනාරු රෝහලට කොරෝනා ආසාදිතයන් 42දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඊච්චලම්පත්තු රෝහලට ආසාදිතයන් 24 දෙනෙකු කොළඹ ගම්පහ හා කලුතර ප්‍රදේශවලින් රැගෙන එමින් පවතින බව අධ්‍යක්ෂවරයා කීය.

කොරෝනා  පළමු රැල්ලේදි  මඩකලපුව, කාත්තන්කුඩි රෝහල් කොරෝනා රෝගීන් සඳහා  වෙන්කර තිබු අතර එම රෝහල් තවදුරටත්  කොරෝනා ආසාදිතයන් සදහා  වෙන්කර තිබේ. එහි දැනට ආසාදිතයෝ 167ක් ප්‍රතිකාර ලබති.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන්ට නැ’හිර පළාතේ රෝහල් 4ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site