( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ඕලුතුඩුවායි වෙරලෙදී සඟවන ලද රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 25 ක් මන්නාරම යුද හමුදා සෙබලුන් විසින් සොයා ගනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම තල්ලඩි 54 වන සේනාංකයට අයත් යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් පේසාලෙයි ඕලුතුඩුවායි වෙරළ තීරයේ පාර්සල් 12 ක සඟවා තිබූ කේරල ගංජා තොගය සොයා ගනු ලැබීය
කේරල ගංජා තොගය මුහුදු වෙරලේ සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට යුද හමුදාව සැක පල කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd