
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරච්චි)
බලන්ගොඩ පින්නවල බොල්තුබේ ඔයේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුර අද (25) සවස සොයාගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ, ගලහිටිගම ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන එම්. මනුජ නැමති (23) හැවිරිදි සිසුවෙකු මෙලෙස මියගොස් ඇත.
බොල්තුබේ ඔයේ අලියා වැටුන වල නැමැති ස්ථානයට තරැණයන් කණ්ඩායමක් දිය නැම සදහා අද (25) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී මෙම තරුණා දියට වැටි දියේ ගිලී අතුරුදන් වී තිබුණි.
පින්නවල පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැය දෙකක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර බොල්තුබේ ඔයේ තිබී හමු විය.
පශ්චාත් මරණය පරික්ෂණ හෙට (26) බලන්ගොඩ මුලික රෝහලේ පැවැත්වීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පිි. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොල්තුබේ ඔයේ ගිලී සරසවි සිසුවෙක් මියයයි