IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා සෙබළාගේ ඝාතකයා මාස අටකට පසු අල්ලයි

(එම් .සුසිල් ප්‍රියන්ත )


       

ඇල්පිටිය අඩා හැලෙන ඇල්ලේදි ඝාතනය කෙරුණ යුද හමුදා සෙබලාගේ ඝාතනයේ අවසන් සැකකරු මාස අටකට පසුව පලා ගොස් සිටියදි අද (25 ) උදේ අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ දි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
 
ඇල්පිටිය පොරවගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලා අඩා හැලෙන ඇල්ලේදි  ඝාතනය වී තිබුනේ 2020 පෙබරවාරි 01 වැනිදා බවත් ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතරදෙනාගෙන් තුන්දෙනෙක්  මීට පෙර සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
 
ඝාතනයේ අවසන් සැකකරුවන්  මේ තැනැත්තා ප්‍රදේශයෙන් පලාගොස් කාලයක් තිස්සේ සිටම පොලීසියට කට්ටි පනිමින් සිටි බවත් පොලීසිය කියයි.

අඩා හැලෙන ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇතිවූ කතා බහක් දුරදිග යාම මේ ඝාතනයට හේතුව බවද පොලීසිය කියයි.

මේ ඝාතනය සිදුවී මාස අටකට පමණ පසුව ඔහු අකුරැස්ස ප්‍රදේශයේ සැගව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමක දී ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.

සැකකරු ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.



අදහස් (0)

යුද හමුදා සෙබළාගේ ඝාතකයා මාස අටකට පසු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site