IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කලාවැව බළලුවැවේදී ඔරුව පෙරැළී ධීවරයෙක් මරුට

(කුෂාන් ජයවර්ධන)
 
කලාවැව බලලුවැව දී ඔරුවක් පෙරැළී යාමෙන් වයස අවුරුදු 23 ක ධීවරයකු මරුමුවට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පලාගල දික්ඇදියාව ප්‍රදේශයේ පදිංචි සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් සුහයිල් නමැති 23 හැවිරිදි විවාහකයෙකි.

මිය ගිය ධීවරයාගේ සිරුර කලාවැව බළලුවැව කොරියාව මුල්ල ප්‍රදේශයේ තිබියදී ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (27 )  සොයා ගෙන තිබිණ.

මිය ගිය ධීවරයා අද අලුයම 4.30ට පමණ ඔරුවක නැගී ධීවර රැකියාව සදහා කලාවැව බළලුවැව ජපන් තොටුපලෙන් බළලුවැව කොරියාවමුල්ල ප්‍රදේශයට  පිටත්ව ගොස් සිටියදී ඔරුව පෙරැළි යාමෙන් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

එම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය නැගෙනහිර කිරළව කෝරලයේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම් රාජරත්න මහතා විසින් පවත්වනු ලැබීය.

හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී ලබා දුන් නියෝග අනුව එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් වූ එම පරීක්ෂණ කටයුතු සදහා හදිසි මරණ පරීක්ෂකවරයා හා පොලිස් නිලධාරීන්ට ඔරුවල නැගී වැවට යාමට සිදුවීම එම හදිසිමරණ පරීක්ෂණයේ විශේෂත්වයකි.

සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් සිදුකෙරේ.



අදහස් (0)

කලාවැව බළලුවැවේදී ඔරුව පෙරැළී ධීවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site