(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)
කොළඹ සිට මාතලේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන එන ලද කසල තේ කිලෝ 6000 ක් සමග ලොරි දෙක් හා සැකකරුවන් දෙදෙනෙකු අද(23) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය පවසයි.
කසල තේ කොල හොද තේ කොළ සමග කවලම් කර විදේශයන් වෙත අපනයන කිරිමේ අරමුණින් මෙම තේ කොළ තොගය මාතලේට රැගෙන එන අවස්ථාවේදී මාතලේ අලුවිහාරේ බිරිදෙවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගවට ගත් මෙම සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙසේ කසල තේ ප්‍රවාහනය කිරිම සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ නියෝගය මත මාතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් මාතලේ කොට්ඨාස අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පිරික්ෂක වල්පොල මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සමග අදාළ නඩු භාණ්ඩ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අදාළ සැකකරුවන් සමග මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කසල තේ කිලෝ 6000ක් සමග දෙදෙනක් අත්අඩංගුවට