
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල බොබැල්ල ප්‍රදේශයේදී අද (14) උදෑසන යුද හමුදා ටිපර් රථයක් ගසක හැපීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පල්ලේකැලේ ප්‍රදේශයේ සිට වවුනියාව ප්‍රදේශයේ දක්වා ධාවනය වෙමින් තිබූ යුද හමුදාව ටිපර් රථයක රියදුරු සහ එහි ගමන් ගත් තවත් සෙබළුන් දෙදෙනකු බව නාඋල පොලිසිය පවසයි.
වර්ෂාවත් සමඟ ටිපර් රථය මාතලේ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් ඇති බවත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක හැපී තවත් මීටර් 30 ක් පමණ මෙම රථය ඇදීගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරට හේතුව අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හෝ රියදුරට නින්ද යෑම විය හැකි බව පොලිසිය විශ්වාසය පළ කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා රියදුරන් වැඩි දෙනෙක් රිය පදවන්නේ මාර්ග නීති ගැන කිසිම සැලකීමක් නැතිව ඉතා අවිචාරවත් ලෙස. මෙවැනි අනතුරු වීම පුදුමයක් නොවෙයි.