(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජමහා විහාරස්ථානයට අයත් බෝගන්දෙන විහාරස්ථ භූමියේ නිධන් හෑරූ බවට සැකපිට තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය කියයි.
මීට මාස දෙකකට පමණ පෙර බෝගන්දන විහාරස්ථ භූමියේ නිධන් හෑරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා ද මෙම ස්ථානයේ නිධන් හෑරීමට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
බෝගන්දන විහාරස්ථ භූමිය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරා විද්‍යා දෙපාදෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තාවේ ද සඳහන් වන බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd