IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පරිසර හානි ගැන කියන්න නව දුරකථන අංක 4ක්

(විනීතා එම්. ගමගේ)
 
පරිසර හානි පිළිබඳ දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යංශය නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
               
ඍජු දුරකථන අංක තුනක් හා ජංගම දුරකථන අංකයක් මෙසේ හඳුන්වා දී ඇත.

1991 -පරිසර අමාත්‍යංශය සඳහා  
1981- මධ්‍යම පරිසර අධිකාරිය සඳහා
1921 -භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහා

හඳුන්වා දී ඇති අතර අමාත්‍යවරයාගේ පුද්ගලික දුරකථන අංකය වන 0707555666 අංකය වට්ස් ඇප් පණිවුඩ කෙටි පණිවිඩ හෝ වීඩියෝ  එවීම සඳහා හඳුන්වා දී තිබේ.
 
දිවයිනේ ඕනෑම ස්ථානයක පරිසර විනාශයක් වුවහොත් නව අංක ඔස්සේ අමතා දැනුම් දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අද(15) ඉල්ලීමක් කළේය.
 
කවර තරාතිරමක අයෙක් වුව ද පරිසර විනාශයක් කරන්නේ නම් තමන් මෙන්ම රජයද ගත හැකි ඉහළම ක්‍රියාමාර්ගය ගන්නේ යැයි කී අමාත්‍යවරයා පරිසර හානිවලට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සඳහා ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද කීය.
 
මේ වනවිට වාර්තා වී ඇති සැබෑ පරිසර හානි 5ක් වන බවත් ඒවාට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 
කාලයක් වගා නොකර තිබු ඉඩම් වගා කිරීම සඳහා හෙළි පෙහෙළි කරන අවස්ථාවන්හි දී කැලෑ කපන බවට චෝදනා එල්ල වන බවත් මෙවැනි සිද්ධීන් විශාල ගණනක් පසුගිය සමයේ වාර්තා වු බවත් ඔහු කියා සිටියේය.
 
විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය හමුවල දී පරිසර විනාශයන් ලෙස හුවා දැක්වූ සමහර කරුණු හැකිනම් ඔප්පු කර පෙන්වන්නැයි හෙතෙම අභියෝගයක් ද කළේය.  



අදහස් (3)

පරිසර හානි ගැන කියන්න නව දුරකථන අංක 4ක්

chandana Thursday, 15 October 2020 11:37 AM

මෙච්චරකල් දැනුම්දෙන්න දුරකථන අංකයක් නැතිව තිබ්බ හින්දා වෙන්න ඇති කැලෑ එළි කරද්දී උඩ බලන් හිටියේ.

:       0       7

දිමුත් Friday, 16 October 2020 04:05 AM

අපරාදේ කලින් දැනං හිටියනං සිංහරාජෙ කපද්දී කියන්න තිබුණා.

:       0       0

Rata Perata Friday, 16 October 2020 07:31 AM

දැන් මේ නොම්බරේට කතා කරලා කියන්නත් ඕනද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site