IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඹරු ඇනීමෙන් අයෙක් මරුට-5ක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව කොට්ටුකච්චිය කුඩා කිවුල ප්‍රදේශයේදී අද(15) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමෙන් පසු එයින් එක් අයකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ ආණමඩුව කොට්ටුකච්චිය කැකුරහාන පදිංචි දෙදරු පියකු වු එන්.එම්.ටිකිරි බණ්ඩා නැමැති 65 හැවිරිදි අයෙකි. එම තැනැත්තා මාළු වෙළඳාමේ යෙදෙන්නෙකි.
 
මොහු කොට්ටුකච්චිය ජලාශයේ ධීවරයින්ගෙන් මසුන් ලබා ගෙන කුඩා කිවුල ප්‍රදේශයේ මසුන් අලෙවි කරමින් සිටියදී, විශාල තේක්ක ගසක බැඳ තිබු බඹර වදය ඇවිස්සී බඹරුන් ඇනීමෙන් අසළ තිබු වලකට වැටී ඇති බව ප්‍රදේවාසීහු කියති.
 
අසල්වාසීන් මෙම තැනැත්තා බේරා ගැනීමට  උත්සහයක් කරනවිට ඔවුන්ට ද බඹරු ඇන ඇතැයි පොලිසිය කියයි.
 
ඔහු සහ තුවාල ලැබූ සෙසු 5දෙනා කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහලටත් ඉන්පසු පුත්තලම මුලික රෝහලටත් ඇතුලත් කර ඇත. බරපතල තත්වයේ සිටි මාළු වෙළඳාම් කරන්නා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇති බව පුත්තලම රෝහලේ ප්‍රකාශකයෙක් කියාසිටී.

(මිය ගිය එන්.එම්.ටිකිරි බණ්ඩා මහතා)



අදහස් (0)

බඹරු ඇනීමෙන් අයෙක් මරුට-5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 121 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site