( ප්‍රසන්න පත්මසිරි )
බිරිඳ ඉදිරියේ සිය දියණිය අපයෝජනයට ලක්කර බිරිදට අතින් පයින් පහරදුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව මැදගම පොලිසිය කියයි.
මැදගම තඹාන ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු බීමත්ව නිවසට පැමිණ බිරිද බලා සිටියදි දියණිය අපයෝජනයට ලක්කර පසුව බිරිදට අමානුෂික ලෙස පහර දී ප්‍රදේශය මග හැර ගොස් සිටියදි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අපයෝජනයට ලක්වු සැකකරුගේ දියණිය හා බිරිද මොණරාගල සිරිගල රෝහලට ප්‍රතිකාර ගැනීමට ඇතුළත් කර තිබේ.
සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.මාරසිංහ මහතාගේ උපදෙස් මත නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd