
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට රහසිගතව රැගෙනවිත් තිබූ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 200යි ග්‍රෑම් 850 අද (18) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශ නිලධාරීන් හා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී වෙරළ තීරයේ ලඳු කැළෑවක සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු තුළ සඟවා මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
විශාල පොලිතීන් උර තුළ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල 93 ක් සොයා ගෙන තිබේ.
සොයාගත් කේරළ ගංජා තොගය මාළු ප්‍රවාහනය කරන ලොරි රථ තුල සඟවා කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ බවට ද අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 5 ක කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි