
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට රහසිගතව රැගෙනවිත් තිබූ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 200යි ග්‍රෑම් 850 අද (18) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශ නිලධාරීන් හා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී වෙරළ තීරයේ ලඳු කැළෑවක සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු තුළ සඟවා මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
විශාල පොලිතීන් උර තුළ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල 93 ක් සොයා ගෙන තිබේ.
සොයාගත් කේරළ ගංජා තොගය මාළු ප්‍රවාහනය කරන ලොරි රථ තුල සඟවා කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ බවට ද අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd