(ඉන්දිකා රාමනායක)
ජල බිල්පතේ අදාල මාසයට අදාල මුදල අඩුකර දීම සදහා කාන්තාවක ගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විශ්‍රාමික මනු කියන්නෙකු අද (6) කැලණිය නාතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයේ මනුකියන්නෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයකු බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණි පද්මිණි වීරසුරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකාරිණියේ නිවසට ලැබී ඇති සැත්තැම්බර් මසට අදාල බිල් පතේ අයවිය යුතු මුදල ජල මීටර් ඒකක 77 කින් අඩුකර කිරිම සදහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.
සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණ මෙම අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජල බිල්පත අඩුකරන්න 5000 ක අල්ලසක් ඉල්ලයි