IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
 
පැතිර යන කෝවිඩ් 19 වයිරසය අවදානම හමුවේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට  රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කර තිබේ.
 
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය  සාධක බලකා කමිටුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ දී  රැස්විය.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස්,  ආරක්‍ෂක,  රාජ්‍ය,  පළාත් රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන්ගෙන් මෙම කමිටුව සමන්විතය.
 
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නොපැවැත්වීමට කමිටුව තීරණය කරනු ලැබීය. එසේම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සියල්ලම විෂබීජානුහරණය කිරිමට ද තීරණය විය.
 
එසේම පෞද්ගලික වෛද්‍ය චැනල් සේවාවන්, වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, දන්ත, අක්‍ෂි ආදී සියලු පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්  කොරෝනා වෛරසය මර්දනය කිරිම සදහා දී ඇති උපදෙස් අනුවම පැවැත්වීමට ද තීරණය කරනු ලැබීය.
 
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ සමීපතමයින් කිහිපදෙනෙක් කිරිඇල්ල, උඩවළව, ඉඹුල්පේ සහ නිවිතිගල ප්‍රදේශවලට පැමිණ ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් සිටින්නැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඉල්ලා සිටියාය.
 
රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා නොතිබුණද සංචරණ කටයුතු හැකි තරමක් සීමාකරන්නැයි ද දිස්ත්‍රික් ලේකම්වරිය මහජනතාවගෙන් ඉල්ලිමක් කළාය.
 
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල, කලවාන, රත්නපුර, ගොඩකවෙල, ඉඹුල්පේ සහ අයගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් 55ක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද මෙම රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටු රැස්වීමේ දී අනාවරණය විය.
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේම පීසීආර් පරීක්‍ෂණ ප්‍රාදේශීය මට්ටමින් සිදුකරමින් පවතින බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙහිදී පැවසුවේය. මෙතෙක් කළ පීසීආර් පරීක්‍ෂණ අනුව කිසිදු  ආසාදිතයෙකු රත්නපුර හෝ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී නැති බවත් වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය.
 
දැනට රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ දිනකට පීසීආර් පරීක්‍ෂණ 96ක් සිදුකළ හැකිබව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනුජ් රොඞ්රිගු මහතා එය අවශ්‍යනම් 192ක් දක්වා ඉහළ දැමිය හැකි බවද සඳහන් කළේය.
 
සැකසහිත රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට පැමිණියහොත් ඔවුන් පීසීආර් පරීක්‍ෂණයට යොමුකර එම පරීක්‍ෂණ වාර්තා පැමිණෙන තුරු එම පුද්ගලයන් සෙසු රෝගීන්ගෙන් වෙන් කර තැබීමට රෝහල තුළ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙහිදි දැනුම් දුන්නේය.
 
 



අදහස් (0)

රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site