IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෞරාණික ගිනි අවි දෙකක් අල්ලයි



(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ඕලන්ද යුගයට අයත් පෞරාණික ගිනි අවි යයි පවසා පැරණී ගිනි අවි දෙකක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලකට විකිනීම සදහා පැමිණි බව කියන තරුණයෙකු ඊයේ (06) රාත්‍රී මාතර උනැල්ල ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් සමත් විය.
 
ඒ අනුව  වසර 250 කට වඩා පැරණී බවට සැක කල හැකි වී.ඕ.සී. ලාංඡනය සහිත ගිනි අවි දෙකද ඔවුන් භාරයට ගනු ලැබීය.
 
අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුරේ බුද්ධි ඒකකයට පෞරාණික ගිනි අවි කිහිපයක් විකිනීමට ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස ගැනුම්කරුවන් වෙසින් සැකකරු සමග දුරකතනයෙන් සම්බන්ධ වී තිබුණි.
 
ඒ අනුව කෝටි පහක ගණුදෙනුව අදාල පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයන් විසින් දෙකෝටි හතලිස් ලක්ෂය දක්වා අඩු කර ගෙන තිබේ.
 
පසුව අදාල ගිනි අවි මිලදී ගැනීමට සූදානම් වී සැකකරු ඒවා රැගෙන ආ අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඔහු සැලසුම් සහගතව සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. ඔහුට එම ගිනි අවි ලැබුණේ කෙසේද යන්න පරීක්ෂණ පවත්වන බව එම කදවුරේ උසස් නිලධාරියෙකු පැවසීය.
 
කෙසේ වෙතත් එම ගිනි අවි සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් ද කැදවීමට නියමිතව තිබුණි. පාලටුවේ පදිංචි 26 හැවිරිදි සැකකරු වැඩි දුර පරීක්ෂණ සදහා මාතර මූලස්ථාන පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කදවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.පී.පී.ඩී. හේවාපතිරණ මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්ලිව්.ඒ.ටී. හේමන්ත, ඩී.එම්.ඩී. ප්‍රියදර්ශන, උප පොලිස් පරීක්ෂක කේ.ඒ.බී.එන්. චන්ද්‍රසිරි, සැරයන්වරුන් වන 2505 රත්නසිරි, 12187 රාජපක්ෂ, 34350 රත්නායක, 53373 ප්‍රේමකුමාර සහ කොස්තාපල් රියදුරු 80947 රුවන් යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගී වූහ.



අදහස් (2)

පෞරාණික ගිනි අවි දෙකක් අල්ලයි

theshan Wednesday, 07 October 2020 02:28 AM

මේක පැහැදිලි නැහැ මේක මේ තරුණයා සතුව තිබ්බ එකක්ද නැත්නම් හොරකම් කරපු එකක්ද කියලා.

:       0       0

දියොගු ද සිල්වා Wednesday, 07 October 2020 04:54 AM

තමන් සතුව පරම්පරාවෙන් ලැබුන දෙයක් වත් එහෙම විකුනන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site