IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පතොරම් කොපු - ජීව කැප් ගල්කිරියාගමින් සොයාගනී

 

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම දානියගම ප්‍රදේශයේ වාරි ඇළක සගවා තිබි බෝර 12 වර්ගයේ හිස් පතොරම් තොගයක් හා නැවත පිරවීමේදි ඒවාට යොදිය හැකි ජිව කැප් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.

ගල්කිරියාගම පොලිසියට ලද තොරතුරක් අනුව අද (08) සවස සිදුකල සෝදිසියකදි එම හිස් පතොරම් කොපු තොගය හා ජීව කැප් තොගය සොයා ගැනිමට පොලිසියට හැකිව තිබිණ. බෝර 12 වර්ගයේ ගිනි අවි සදහා යොදන හිස් පතොරම් කොපු 65ක් ද ඒවා නැවත පිරවිමේදි යෙදිය හැකි ජීව කැප් 210ක්ද පොලිසිය එහිදි සොයාගෙන තිබිණ. ගල්කිරියාගම දානියගම පුදේශයේ ඩි21 ඇළ ප්‍රදේශයේ වාරි ඇළක සගවා තිබි ඒවා සොයාගැනීමට පොලිසියට හැකිව තිබිණ.

කවුරුන් හෝ කිසියම් අපරාධයක් කිරිමේ අරමුණින් එම පුපුරන ද්‍රව්‍ය තොගය එම ස්ථානයේ සගවා තැබුයේදැයි යන්න සොයා බැලිමට පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබේ. පොලිස් භාරයට ගෙන ඇති එම පුපුරන ද්‍රව්‍ය තොගය කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



අදහස් (0)

පතොරම් කොපු - ජීව කැප් ගල්කිරියාගමින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site