
(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද පොලිස් ස්ථානය තුළදී රාජකාරී වේලාවේ ගුටිබැට හුවමාරු කරගත් පොලිස් සැරයන් වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම අත් හිටුවීමට පියවර ගත් බව පොළොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි. මොවුන් මඩකලපුව වාලච්චේන සහ අක්කරෙයිපත්තුව අට්ටාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඊයේ(05) දහවල් රාජකාරී වේලාවේ මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු පොලිස් ස්ථානය තුළදීම ගුටි බැට හුවමාරුකරගෙන ඇති බව පොලිස් නිලධාරිහු පැවැසූහ. එම සිද්ධියෙන් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයාත් පොලිස් සැරයන්වරයාත් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.
රාජකාරී වේලාව තුළ පොලිස් ස්ථානය තුළද එකිනෙකාට පහරදී ගුටිබැට හුවමාරු කරගැනීම නිසා එම නිලධාරීන් දෙදෙනා විනය කඩ කර ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට පියවරගෙන තිබේ.
පොළොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසියේදී ගුටි ඇනගත් සැරයන්ගේ-කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි