
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන වියළි කහ කිලෝ 344යි ග්‍රෑම් 600 ක් ඇතුළු කුළුබඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මන්නාරම, පේසාලේ වංකාලපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පේසාලේ පොලිසිය කියයි.
සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ලොරි රථයකින් නීතිවිරෝධී රැගෙන ආ කහ තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදී වෙරළ තීරය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මුහුදු මාර්ගයෙන් ගෙන්වූ වියළි කහ තොගය ඇතුළු කුළුබඩු සොයාගෙන තිබේ.
ලොරි රථයේ තිබී ඉන්දියාවේ සිට ගෙන්වන ලද බී ලූනු කිලෝ 742ක්, වියළි මිරිස් කිලෝ 77යි ග්‍රෑම් 500ක්, ගොරකා කිලෝ 698ක්, විශේෂ කාර්ය බලකාය විසින් සොයාගන්නා ලදී. ලොරි රථයේ තිබී විශාල ප්‍රමාණයේ පොලිතීන් මලු තොගයක් තුළ මෙම වියළි කහ සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය තොග අසුරා තිබූ බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය තොගයේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බවය.
ලොරි රථය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පේසාලේ පොලිසිය වෙත බාරදීමෙන් අනතුරුව මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd