
(වියලුවේ නිශාන්ත කුමාර)
වයස අවුරුදු 9ක දරුවෙකු අපයෝජනයකට ලක් කළ බව කියන වියළුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අද (10) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියළුව ප්‍රදේශයේ විහාරස්ථානයක අවුරුදු 48ක් වන චීවරධාරියෙකි.
මෙම දරුවා වරින්වර විහාරස්ථානය වෙත ගෙන්වාගෙන ඇති මෙම චීවරධාරියා විසින් දරුවා අපයෝජනයට ලක්කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd