IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යක්විලදී මන්නයකින් පහරදී ඝාතනය කරයි

 

(හේමලතා ඩී හේවගේ)

පැරණි  ආරඅවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් යක්විල - කැළණියමුල්ල මංසන්ධියේදී යතුරුපැදිය මත සිටි බව කියන පුද්ගලයෙකුට අද (08) සවස මන්නයකින් පහරදීමෙන් බරපතල ලෙස තුවාලවී එම ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තෙලඹුගම්මන යක්විල ප්‍රදේශයේ පදිංචි පොල්වත්තගේ චානක ප්‍රදීප් නැමති (29) හැවරිදි තිදරු පියෙකු  බවද පොලීසිය සඳහන්කර සිටියි. මෙම ඝතනය සිදුකිරීමට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇතිබවට පොලීසිය සැකපල කර සිටියි.

ඝාතනය සිදුකල පුද්ගලයන් පලායාමට මාර්ගයේ ගමන්ගත් රථවාහන නැවැත්වීමට උත්සාදරා ඇතත් එය ව්‍යාර්ථවීමත් සමග එම අවස්ථාවේ පැමිණි යතුරුපැදියක් නවත්වා එහි අයිතිකරුව මන්නය හිසට තබා බියගන්වා යතුරුපැදිය රැගෙන පලාගොස් ඇතිබව බවට කල විමර්ශණවලදී අනාවර්ණය වී ඇතිබව පොලීසිය පවසයි.

මෙම ඝාතනය සිදුකල ස්ථානය  කුලියාපිටිය  කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිළධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය.

කුලියාපිටිය කොට්ඨාශභාර ඡේයෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස්මත පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශණ  අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුඵ නිළධාරීහූ කණ්ඩායමක් ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශණ සිදුකරති.  



අදහස් (0)

යක්විලදී මන්නයකින් පහරදී ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site