(ජී ඩබ් කේ ප්‍රේමතිලක ද සිල්වා)
දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමේ අරමුණින් දකුණු පළාතේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන ආයතන අද (7) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබීමට නියෝග කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට යන ප්‍රධාන නගරවල සහ පළාතේ සෙසු ස්ථානයන්හි පවත්වාගෙන යනු ලබන සියලුම උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
වැඩිදුර විස්තර සඳහා - උපකාරක පන්ති නවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තීරණ ගන්නකොට අඩුම ගානෙ පැය 24 කට කලින් වත් දැනුම් දෙන්න ඕන. මොකද ලමයි එන්නෙ ඉතා දුරබැහැර ඉඳලා. බලධරයින්ට වගේ මොහෙතකින් ලගා වෙන්න තරම් ගමන් පහසුකම් ලමයින්ට නැහැ.