IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දමයි

(රෝවන් පෙරේරා)

ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වන රක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ. එහි සේවය කළ නිලධාරීන් අත්නෝමතිකව කටයුතු කිරිමෙන් ඔවුන් එම ස්ථානයෙන් සේවයෙන් ඉවත්කර වෙනත් නිළධාරීන් කණ්ඩායමක් යොදවන තෙක් එම තීන්දුව ගන්නට සිදුවූ බව වනසංරක්ෂණ පුත්තලම කාර්යාලයේ උසස් නිලධාරියකු පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව ගල්විල සෆාරී උද්‍යානය පිහිටා තිබේ. එහි පිවිසුම් දොරටු කරුවලගස්වැව බුද්ධිදසුන්ගම ප්‍රදේශයේ අලිමංකඩ තුළ පිහිටා ඇත.

2002 වසරේ සිට අභය භූමියක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති වන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්වී ජූලි 17 වැනි දා සෆාරී උද්‍යානයක් ලෙස විවෘත වූවද තාවකාලිකව වසා දැමීමට වනරක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ.

පුත්තලම ගල්විල සෆාරී උද්‍යානය තුළ මාර්ග සකස් කිරීම වනසතුන්ට අවශ්‍ය ජලය සැපයීම සඳහා පස් හෑරීමට පුත්තලම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වී ඇත.

උද්‍යානය තුළ සංචාරකයින්ට ගමන් කිරීමට හැකිවන පරිදි මාර්ග සකස් කිරීමට වසර දෙකක පමණ කාලයක පටන් ආරම්භ කරමින් විශාල ගස් කොළන් කපා ඉවත් කර එම මාර්ග අඩි 20 ක් පමණ පළලට සකසා ඇත.

කපා ඉවත් කරන දැව රාජ්යත දැව සංස්ථාවට ලබාදිය යුතු වුවද එම දැව විවිධ පුද්ගලයින්  යොදා ගනිමින් නිති විරෝධී ලෙස උද්යාවනයෙන් පිටතට රැගෙන යාමට ගල්විල සෆාරී උද්යාීනයේ සේවය කල වනසංරක්ෂන නිළධාරින් කටයුතු කර තිබේ.

ගල්විල සෆාරී උද්‍යානය තුළ වනසතුන්ට අවශ්‍ය ජලය ඒකරාශී කිරීමට යැයි පවසා වනසංරක්ෂන දෙපාර්ථමේන්තුවේ නිළධාරින් පිරිසක් පස් කපන මුවාවෙන් වැලි ජාවාරමක් සිදුකර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ගල්විල සෆාරී උද්‍යානය තුළ දිගින් දිගටම සිදුවන නිති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය හෙළි කිරීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ නිළධාරින් කණ්ඩායමක් යෙදවීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වය පියවර ගෙන ඇත.

පුත්තලම දිසාවන අඩවි කාර්යාලය මගින් මූලික විමර්ශන සිදු කරන අතර අපක්ෂපාතී පරික්ෂනයක් කිරීම සඳහා  ගල්විල සෆාරී උද්‍යානයේ සේවය කළ නිළධාරීන් පස් දෙනෙකු ඉන් ඉවත් කිරීමටත් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් ඔවුන්ගේ සේවය නතර කිරීමටත් පියවර ගත් බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු පැවසීය.

චෝදනා ලබන අදාල නිළධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට මූලස්ථානයට තොරතුරු වාර්තා කර ඇති බවත් නව නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන තෙක් ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දැමීමටත් තීරණය කළ බවත් ඔහු පැවසීය.



අදහස් (0)

ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site