
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිය පියාගේ ගෙලට මන්නයකින් පහර දී බරපතළ තුවාල සිදු කළ පුතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි .
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය
වෘත්තියෙන් පෙදරේරුවකු වන 62 හැවිරිදි තුවාලකරු බාල පුතුන් දෙපළ සමඟ නිවසේ රැඳී සිටියදී 23 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණ ඇතැයි පැවසේ .
එහිදී පියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් නිවසේ මුළුතැන් ගෙයි තිබූ මන්නයක් ගෙන තම පියාගේ ගෙළට මෙසේ පහරදී බරපතළ තුවාල සිදුකර තිබූ බව පැවසේ .
පහරකෑමෙන් ගෙලෙහි කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව කියයි.
ඒ අනුව හොමාගම මූලික රෝහලේ පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් ගුනරත්න මහතා විසින් අතුරුගිරිය පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කෙරිණි .
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථායට ගොස් පරීක්ෂා කිරීමේදී බීමතින් කලහකාරීව සිටි සැකකරු අත්අඩංගුවට ගත් අතර ප්‍රහාරය එල්ල කල මන්නය ද පොලිස් බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පියාට මන්න පහර ගැසූ පුතා අත්අඩංගුවට