IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලම කලපුව වැනසු තහනම් දැල් නාවික හමුදාවෙන් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම කලපුව වනසමින්, තහනම් දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් තිදෙනෙකු සමග ධීවර යාත්‍රා හා තහනම් දැන් තොගයක් අද(22) අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබේ.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සොත්තුපිටි වාඩිය පදිංචි ධීවරයින් තිදෙනෙකි.
 
සැකකරුවන් සමග රුපියල් ලක්ෂයක් පමණ වටිනා තහනම් දැල් තොගයක්, ධීවර යාත්‍රා දෙකක්, යාත්‍රා එන්ජින් දෙකක් හා මෙම සැකකරුවන් අල්ලා ගත් රුපියල් 10,000 වටිනා මසුන් තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
 
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 2017 සංශෝධන පනතට අනුව යාන්ත්‍රික යාත්‍රා මගින් ශ්‍රී ලංකා ජල තීරය තුළ පතුලේ ඇදගෙන යනු ලබන දැල් සන්තකයේ තබා ගැනීම, ක්‍රීයාත්මක කිරීම තහනම් කර ඇති බවය.
වැටලීම සඳහා කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරින් හා නාවික බුද්ධි අංශ එක්ව සිටියහ.
 
ඒ සමගම පරීක්ෂණ සදහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතාගේ උපදෙස් මත  සංවර්ධන නිලධාරි සමන් පුෂ්පකුමාර ධීවර නිලධාරි එරංග වීරකොන් , තාරක බාලගේ  යන නිලධාරීහු එක්ව සිටියහ.


 



අදහස් (0)

පුත්තලම කලපුව වැනසු තහනම් දැල් නාවික හමුදාවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site