IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණු පළාතේ පවුල් සීයයට 31කට පානීය ජලය නෑ

(සිරංගිකා ලොකුකරවිට ) 
 
දකුණු පළාතේ පවුල් 31%ක් සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති බවත් ඔවුන්ට ලැබෙන්නේ අර්ධ හෝ මුළුමනින් ම අනාරක්ෂිත පානීය ජල සැපයුමක් බවත් දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කීවේය.
 
හෙතෙම මේ බව කියා සිටියේ අද (24) දකුණු පළාත් ලේකම් කාර්යාල‍ ශ්‍රවණාගාරයේ පැවැති පානීය ජල ගැටලු පිළිබඳ මහජන උපදේශනය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් සංවිධානය කර තිබූ වැඩසටහනක දී අදහස් දක්වමිනි.
 
දකුණු පළාතේ ඇති පළාත් පාලන ආයතන 49න් ආයතන හයක් හැරුණු විට අන් සියලු පළාත් පාලන ආයතන දෛනිකව හෝ වර්ෂයේ කවර හෝ කාල සීමාවක ජල බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඇතැම් විට එම ප්‍රමාණය ජලය ලීටර 2000 සිට 150,000 දක්වා ප්‍රමාණයක් බවත් කොමසාරිස්වරයා කියා සිටියේය.
 
දකුණු පළාත තුළ පමණක් පළාත්  පාලන ආයතන මගින් ජලය ලීටර ලක්ෂ 17ක් දිනකට බෙදා  හරින බව ද ඔහු පවසයි.
 
දකුණු පළාතේ පිරිසිදු පානීය නල ජලය ලැබෙන්නේ 35%ක ප්‍රමාණයකට පමණි. තවත්  3.6%ක පිරිසක් තම ජල අවශ්‍යතා සපයා ගන්නේ නල ළිං මගිනි. දකුණේ 29% ක පිරිසක් සිය පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නේ ආරක්ෂිත ළිං හා ප්‍රජා ජල යෝජනා ක්‍රම මගිනි. ඒ අනුව  දකුණු පළාත තුළ  31%ක පිරිසකට ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැත.
 
පළාත් පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පිරිසිදු පානීය ජල සැපයුම් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල සැළකිය යුතු ප්‍රමාණයක් ඇතත් ග්‍රාමීය ප්‍රදේශ හා වතු ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන් වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවයි.

දකුණු පළාතේ පානීය ජල ගැටලුව විසඳීම හා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සඳහා මහජනතාවගේ අදහස් විමසීමට මෙම වැඩසටන සංවිධානය කර තිබිණි. ඒ සඳහා විවිධ ප්‍රජා සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ සිටියහ. මෙම වැඩසටහන සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, මහජන උපයෝගීතා කොමිසම් සභාවේ නිලධාරීන් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම්.නෆීල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.
 


 
 

 



අදහස් (0)

දකුණු පළාතේ පවුල් සීයයට 31කට පානීය ජලය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site