
(තිලකරත්න දිසානායක)
ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අද (24) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවත් කඳාන ප්‍රදේශයේ සිට ගණේමුල්ල ප්‍රදේශයට මත්කුඩු රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය කීය.
මෙම ජාලයට සම්බන්ධ 4 දෙනෙකු මත්කුඩු ප්‍රවාහනය සඳහා යොදා ගත් වාහන දෙකක්ද සමඟ මීට පෙර අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
රැඳවුම් නියෝග මත සැකකරු රඳවා තබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd