IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)           

තලෙයිමන්නාරම සිට ඇඹිලිපිටිය දක්වා මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ ලොරි රථයක් තුළ සඟවා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 103 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයින් දෙදෙනකු මඩු, කුංචිකුලම් හීදි අත්අඩංගුවටගත් බව මඩු පොලිසිය කියයි.           

මන්නාරම , මඩු කුංචිකුලම පොලිස් හා යුද හමුදා මාර්ග බාධකයේ දී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇති බව පොලිසිය පැවසීය.         

මාළු ප්‍රවාහනය කරන අධි ශීතකරන ලොරි රථයේ වහලය සහ රියදුරු අසුනයට සූක්ෂම ලෙස සඟවා කේරළ ගංජා තොගය රැගෙන යමින් තිබූ බව පොලිසිය සඳහන් කළේය.       

ජාවාරම්කරුවන් ලොරි රථයේ වහලය තුළ රහසිගත කුටියක් සකස් කර දීර්ඝ කාලයක උතුරේ සිට මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් සිදුකිරීම සඳහා ලොරි රථය භාවිතා කර ඇති බවට විමර්ශන වලදී ආනාවරණය වූ බව පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූයේ ලොරි රථය පරීක්ෂා කරන ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහා රථය තුළ මාලු විශාල ප්‍රමාණයක් අසුරා රැගෙන යාම සැකකරුවන් විසින් සිදුකර ඇති බවයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් ඇඹිලිපිටිය පදිංචි අවුරුදු 35ත් 40 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් හා කේරළ ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (0)

කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site