(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ තොටලාගල වත්තේ සේවය කරමින් සිටි පිරිසකට අද (20) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් තුන් දෙනෙකු හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර 21 වියැති තරුණ කාන්තාවක් හා 50 වයසේ කාන්තාවන් දෙදෙනකු ද සිටින බව පොලීසිය කියයි.
ඔවුන් 1990 ගිලන් රථ සේවයෙන් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
හපුතලේ වතුවල සේවය කරමින් සිටි පිරිස් බඹර ප්‍රහාර වලට ලක්ව රෝහල් ගත වන සිද්ධීන් මේ දිනවල අඛණ්ඩව වාර්තා වන බව හපුතලේ පංකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සංජීව සමරවීර මහතා පැවසීය.
බඹරු ඇනීමෙන් දිනකට තුන් හතර දෙනකු රෝහලට ඇතුළත් කරන තත්ත්වයට පත් වී ඇති බැවින් ද ඒ අතර අසාධ්‍ය රෝගීන් ද හමුවන අවස්ථා ඇති බැවින් ද මේ තත්ත්වය වළක්වා ගැනීමට කිසියම් පියවරක් ගැනීමේ අවශ්‍යතාවය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බඹරු ඇනීමෙන් කතුන් තිදෙනෙකු රෝහලේ