
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ දී අද (21) උදෑසන දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් තරුණයකු මිය ගොස් පොලිසිය පවසයි.
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය මලායාලපුරම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
මොහු දුම්රියේ ගැටුණු ආකාරය පිළිබඳව කිලිනොච්චිය පරීක්ෂණ පවත්වනු ලබන අතර මියගිය පුද්ගලයාගේ මෘත දේහය කිලිනොච්චිය දුම්රිය ස්ථානයට බාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd