
(එච්.එම්.ධර්මපාල)
මහා පරිමාණයේ මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු හා ඒවා පානය කිරීම සඳහා පැමිණි පුද්ගලයන් නව දෙනෙකු අද (20) මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් , මත්පෙති 70 ක් , ජංගම දුරකථන 8 ක් සහ රුපියල් 4000 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මොරටුව , ලුනාව සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචි වයස 20 ත් 24 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් බව පොලිසිය කීය.
මෙම වැටලීම බස්නාහිර දකුණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමේ වැඩසටහනට යටතේ සිදුකරනු ලැබූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd