( රංජිත් රාජපක්ෂ)
දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද (16) දින සමත්විය.
හැටන් ඇබොස්ලි වතුයායේ සිට මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා ඇබොස්ලි වත්ත හරහා ගලා බසිනා දිය ඇල්ලට ඉහලින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැදි සිටින බව දුටු එම වතු යායේ වතු කම්කරුවෙකු එ පිළිබදව හැටන් පොලිසියේ ස්ථානාධිපති වරයාට දැනුම් දිමත් සමඟ හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසලට ක්ෂණිකව ගොස් ස්ථාන කිහිපයකින් තරුණයා වෙත ළගා වි දිවි හානි කර ගැනිමට තැත්කළ තරුණයා අල්ලා ගැනිමට සමත්වි ඇත.
මව්පියන් සමග උරණ වි සිය දිවි හානි කර ගන්නා බව පවසමින් (16) දින නිවසින් පැමිණි බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා ඇත.
පොලිස් භාරයට ගැනුණ තරුණයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිවි නසා ගැනීමට ගිය තරුණයකු හැටන් පොලිසිය මැදිහත් වී බේරා ගනී